සියැටල්.

රතු ඉන්දියානු නායකයකු වුණු සියැටල් උපත ලද්දේ 1788 වර්ෂයේ පූගට් සවුන්ඩ් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන්බ්‍රජ් දිවයිනේය. ඔහුගේ පියා ස්ක්වේමේ ස්කුවාමිල් නම් විය. ඔහු ද ගෝති‍්‍රක නායකයකු විය. මව නමින් ස්කොලට්සා දුවාමීෂ් වුණු අතර ඇය ගෝති‍්‍ රක නායකයකුගේ දියණියක් වූවාය.සියැටල් ගේ නියම නම වුණේ සීත්ල් ය. එය ඉංග්‍රීසි උච්චාරණයට අනුව සියැටල් නම් විය. තරුණ කාලයේදීම යුද විරුවකු වුණු සියැටල් ගෝත‍්‍ර හයකටම නායකයා වූයේය.වසර 78 ක් ජීවත් වුණු නායක සියැටල් 1866 දී පූගට් සවුන්ඩ්හි දී අභාවප‍්‍රාප්ත විය.එහෙත් ඔහු අද ද අමරණීය චරිතයක් වී ඇත..

No comments:

Post a Comment