සියැටල් , සැන්ඩි සහ ඇමරිකාව
මේ මහපොළොව මිනිසාට අයිති
නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි.
ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී
පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” ඒක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරයා
රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම
සියලුම ඉඩම් විකුණා
දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් එවකට
ඇමරිකානු ජනාධිපති ෆ්රැන්ක්ලින් පියර්ස් වෙත ලියා යැවුවේ මීට බොහෝ කලකට පෙරය.
සියැටල්

අනෙකුත් ගෝත්රිකයන් ගෙන් වෙන්ව
කැපීපෙනෙන අඩි 6කට ආසන්න උසකින් යුතු වූ මෙම
නායකයා එවකට යුරෝපීය රටවල් වලින් පැමිණි වෙළඳුන් හැදින්වූයේ ''ලෙග්රොස්'' හෙවත් විශාල මිනිසා යන නමිනි.
එමෙන්ම ඔහු සතුව මනා
කථීකත්වයක්ද පැවතුනි. තොරතුරු වල සඳහන් වන පරිදි සැතපුම් 3/4 පමණ ඈතට ඇහෙන පරිදි කතා කිරීමට ඔහුට
හැකියාවක් තිබිණි.
සියැටල් සිය ජනතාවට මෙන්ම සොබාදහමට ද
බොහෝ සෙයින් ආදරය
කලේය. මිනිසා පෘථීවියේ කොටසක් බවත් පෘථීවිය මිනිසාගේ කොටසක් බවත් ඔහු ඇදහීය. සුදු මිනිසාගේ පැමිණීම
සිය ජන වර්ගයාගේත් සංස්කෘතියේත් අවසානය බව ඔහු දැන සිටියේය. තමන්ට වඩා
තාක්ෂණයෙන්ද පිරිස් බලයෙන්ද වැඩි සුදු මිනිසා සමග සටන් වැදීමෙන් පලක් නොවන බව ඔහු
තේරුම්ගත්තා වැන්න.
සියැටල් විසින් එවකට
ඇමරිකානු ජනාධිපති වෙත ලියා යැවු ලිපියේ
මෙසේද ලියා ඇත.
“ගෝත්ර සෑදී ඇත්තේ
මිනිසුන්ගෙනි. ඊට වඩා දෙයක් නැත. මුහුදු රළ මෙන් මිනිස්සු පැමිණෙති. එමෙන්ම විනාශ වී යති. තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු මිනිසාගේ
දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක.”
“දිගින් දිගටම ඔබ සැතපී සිටින
මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.එහෙත් විනාශ වී යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන්
උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. “
“අප ආදරය කළාක් මෙන් මේ
පොළොවට ඔබත් ආදරය කරන්න.අප එය ආරක්ෂා කළා මෙන් ඔබද එය ආරක්ෂා කරන්න. ඔබ මේ භූමිය අපගෙන් මිලදී ගන්නා විට එය තිබූ ආකාරය ගැන මතකයේ තබා ගන්න. ඔබේ මුළු
හදින්ම, මුළු ශක්තියෙන්ම ඔබේ දරුවන්
වෙනුවෙන් මේ මහ පොළොව ආරක්ෂා කර ගන්න “
ඇමරිකාව

සැන්ඩි
කටුක යතාර්ථය සහ ඉගෙන
ගතයුතුම පාඩම

” මෙම ජීවන ජාලයට
යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම
සිදුකරගත්තා වේ” සහ “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම්
දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.” යන වදන් අපට මතක් වන්නේ මෙතනදීය. ඇමරිකාව රතු ඉන්දීය ස්වදේශිකයින් පලවා හරිමින් පටන් ගත් මෙම විනශය
ඔවුන් තුලින්ම අවසන් කරනු ඇත. සියළු විදුදරයන්ගේ
කථිකවත් පරයා වනචාරී ගොත්රික නායකුගේ සරල විග්රහයක් යතාර්ථයක් බවට පත් වී ඇත. සොභාදහම හා ගැටෙන ගමනේදී දෙවියන් වහන්සේවත් පිහිටට නොයෙන බව ඇමරිකාව
පිලිගත යුතුය. සියැටල් ම ප්රකාශ කල පරිදි ”තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු
මිනිසාගේ දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක යන්න සිදුවිය
සිදුවෙමින් පවතී. –
චාමර නාකන්දල - Chamara Nakandala
හරිම වටිනවා මේ ලිපිය...
ReplyDeleteමේ ලිපියේ කොටසක් උපුටා ගන්නට අවසරද ?
ඉතා වටිනව
ReplyDelete👍👍👍
ReplyDelete