Wednesday, November 7, 2012

සියැටල්ගේ ප්‍රකාශය: සියැටල් , සැන්ඩි සහ ඇමරිකාව

සියැටල්ගේ ප්‍රකාශය: සියැටල් , සැන්ඩි සහ ඇමරිකාව: " මේ   මහ පොළොව අපේ මවය. මේ මහ පොළොවට සිදු වන්නා වූ සෑම හොඳක්ම හෝ නරකක් ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ මේ පොළොවට කෙළ ගසන්නේ ද ඔබ තමාටම ...

සියැටල්ගේ ප්‍රකාශය: සියැටල්ගේ ප්‍රකාශය

සියැටල්ගේ ප්‍රකාශය: සියැටල්ගේ ප්‍රකාශය: වොෂිංටනයේ සිටින බලවත්ම නායකතුමා අපගේ භූමිය මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින බව දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය සහ හොඳ හිත ද ප‍්‍රා...

Friday, November 2, 2012

සියැටල්.



රතු ඉන්දියානු නායකයකු වුණු සියැටල් උපත ලද්දේ 1788 වර්ෂයේ පූගට් සවුන්ඩ් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන්බ්‍රජ් දිවයිනේය.  ඔහුගේ පියා ස්ක්වේමේ ස්කුවාමිල් නම් වියඔහු ද ගෝති‍්‍රක නායකයකු විය. මව නමින්  ස්කොලට්සා දුවාමීෂ් වුණු අතර ඇය ගෝති‍්‍ රක නායකයකුගේ දියණියක් වූවාය.සියැටල් ගේ නියම නම වුණේ සීත්ල් ය. එය ඉංග්‍රීසි උච්චාරණයට අනුව සියැටල් නම් විය. තරුණ කාලයේදීම යුද විරුවකු වුණු සියැටල් ගෝත‍්‍ර හයකටම නායකයා වූයේය.වසර 78 ක් ජීවත් වුණු නායක සියැටල් 1866 දී පූගට් සවුන්ඩ්හි දී අභාවප‍්‍රාප්ත විය.එහෙත් ඔහු අද ද අමරණීය චරිතයක් වී ඇත..