සියැටල්ගේ ප්‍රකාශය

වොෂිංටනයේ සිටින බලවත්ම නායකතුමා අපගේ භූමිය මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින බව දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය සහ හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපගේ මිත‍්‍රත්වයෙන් එතුමාට කිසිඳු ප‍්‍රයෝජනයක් නැති නමුදු එතුමාගේ කාරුණික භාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. කෙසේ වතුදු අපි එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද සලකා බලන්නෙමු. මේ භූමිය ඔබට නොදුන්නොත් තුවක්කු රැගෙන විත් සුදු මිනිසුන් ඒවා අපගෙන් උදුරා ගන්නා බවද අපි හොඳාකාරවම දන්නෙමු.මේ මහපොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමත් අහස් ගැබත් මිලදී ගන්නේ කෙසේද මේ අදහස අපට නම් අරුමයකි. වාතයේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත් අපට අයත් නොවේ නම් ඔබ ඒවා මිල දී ගන්නේ කෙසේද මේ මහපොළොවේ සෑම බිම් අඟලක්ම වාගේ මිනිස්සුන්ට පූජනීය වේ. දේවදාර ගසක දිළිසෙන සෑම කිනිත්තක්මවැලි තලාවලින් සපිරුණු සෑම වෙරළක්මඅඳුරු වන ගැබ තුළ වූ සෑම මීදුම් වළාවක්ම,සෑම එළිමහනක්මගුම් නද නගන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම ද මාගේ මිනිස්සුන්ගේ මතකයන් සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිව යන සෑම මං පෙතක්ම රතු මිනිසාගේ මතකයන් රැගෙන යයි.සුදු මිනිහා තම මරණයෙන් පසුව තමන් උපන් මේ මහපොළොව අමතක කර දමයි. මේ මහපොළොව රතු මිනිසාගේ මෑණියන්ය. ඒනිසා අපි මරණයෙන් පසුව වුවද මේ සුන්දර මහපොළොව අමතක කර නොදමමු. අප මේ මහපොළොවේම කොටසක්්වන අතර එය අපේ ජීවිතයේද කොටසක් වෙයි. සුගන්ධවත් වූ පුෂ්පයන් අපගේ සොහොයුරියන්ය. මුවන්අශ්වයන්රාජාලියන් අපගේ සොහොයුරෝ වෙති. කඳු ශිඛරතෘණ බිම් වල වූ පිනි බිඳුඅශ්වයන්ගේ සහ මිනිසාගේ ගතින් නැගෙන්නා වූ උණු හුම මේ සෑම දෙයක්ම අයත් වන්නේ එකම පවුලකටය.

මා ම්ලේච්ඡයකු වන නිසා වෙනත් දෙයක් ගැන අවබෝධයක් මට නැත. ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද,කුණු වී යන දහස් ගණණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම් දමමින් දුවන මෙම යකඩ අශ්වයා වැදගත් වන්නේ කෙසේදැයි මම නොදනිමි. ඒ සමහර විට මා වනචාරී ම්ලේච්ඡයකු නිසා වීමට පුළුවන.තිරිසන් සතුන් නැති ලොවක මිනිසා පමණක් හුදෙකලාව ජීවත් වන්නේ කෙසේදමේ හුදෙකලා බවින්ම මිනිසා ද විනාශ වී යනු ඇත. ඒ මන්දයත් තිරිසන් සතුන්ට වන දෙයම ඉක්මනින්ම මිනිසුන්ට ද සිදුවන නිසාය. මේ සෑම සියලු දෙයක් අතර ඇත්තේ එකම සහ සම්බන්ධයකි.ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින මේ පොළොවෙහි අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙන්න. මේ මහ පොළොව අපේ මවය. මේ මහ පොළොවට සිදු වන්නා වූ සෑම හොඳක්ම හෝ නරකක් ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ මේ පොළොවට කෙළ ගසන්නේ ද ඔබ තමාටම කෙළ ගසා ගනී.මේ මහපොළොව මිනිසාට අයිති නැති බව අපි දනිමු. මිනිසා අයිති වන්නේ මහපොළොවටයි. ඥාතීන් සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නාක් මෙන් මෙළොව ඇති සියලු දෑ ද එකිනෙකට බැඳී පවතී. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වර පටක් පමණකි. ඔහු මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි දහෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ.එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කර ඇති වාසභූමි වෙත යෑම පිළිබඳව අපි සළකා බලන්නෙමු. අපි එකිනෙකාගෙන් වෙන්වී එහෙත් සාමකාමීව ජීවත් වන්නෙමු. අපේ ජීවිතයේ ඉතිරි කාලය අපි කොහේ හෝ ජීවත් වෙන්නෙමු. තම පියවරුන් යටත් වන අයුරු අපේ දරුවන් දැක ඇත්තේය. පරාජයෙන් ලජ්ජාවට පත්වුණු අපේ සටන් කාමීන් පැණි රස අහර සහ මත්පැනින් සප්පායම් වෙමින් අලසකමින් දිවි ගෙවනු ඇත. ඉතිං අපේ ඉදිරි කාලය කොහේ සිටියත් කම් නැත. දැනට ඉතිරිව ඇත්තේ ද ඉතා ස්වල්ප දෙනෙකි
වත් පැය කිහිපයකින්ශීත සෘතු කීපයකින්එක් කාලයක් ඔබ මෙන් බල සම්පන්නව බලාපොරොත්තු සහගතව සිටි ගෝති‍්‍රක කණ්ඩායමේ එකදු ළමයෙකුවත් ඉතිරි නොවනු ඇත. එහෙත් මෙසේ නැති වී යන මාගේ මිනිසුන් වෙනුවෙන් මා දුක් වන්නේ කුමකට දගෝත‍්‍ර සෑදී ඇත්තේ මිනිසුන්ගෙනි. ඊට වඩා දෙයක් නැත. මුහුදු රළ මෙන් මිනිස්සු පැමිණෙති. එමෙන්ම විනාශ වී යති. තමන් සමග සක්මන් කරමින් කතා කරනවා යැයි පවසන සුදු මිනිසාගේ දෙවියාට ද මේ පොදු ඉරණමෙන් ඔවුන්ව ගළවා ගත නොහැක. කෙසේ වුවද අප සියල්ලෝම සොහොයුරෝ වෙති. අපගේ දෙවියාද ඔබගේ දෙවියාද දෙදෙනෙකු නොව එක්කෙනෙකු බව සුදු මිනිසාට දිනෙක වැටහෙනු ඇත. ඔබ අපේ මහ පොළොව අයත් කර ගත්තා මෙන් දෙවියන් වද අයිතිකර ගන්නට සිතනු ඇත. එහෙත් ඔබට එය කළ නොහැක.එතුමන් මුළු මිනිස් වර්ගයාගේම දෙවියන්ය. එතුමන් රතු මිනිහාටත්සුදු මිනිහාටත් දක්වන දයාව එක සමානය. මේ මහපොළොව එතුමන්ට අගනා වස්තුවකි. ඊට හානි කළ විට එහි නිර්මාපකයන්ට අවමන් කළා හා සමානයි. අනෙකුත් ගෝති‍්‍රකයන් විනාශ වී යනු ඇත. දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.එහෙත් විනාශ වී යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඊට අවශ්‍ය බලය දෙවියන් විසින් ඔබට ලබාදෙනු ඇත. රතු මිනිසාව අභිභවා මේ පොළොවේ ආධිපත්‍යය පැතුරූ ඔබව දෙවියන් විසින් මෙහි ගෙන එනු ලැබුවේ විශේෂ කර්තව්‍යයක් වෙනුවෙන් විය හැක.සෑම කුළු හරකෙකුම මස් කරන ලදුව,සෑම අශ්වයකුම හීලෑ කරන ලදුවකඳු ශීඛර කතා කරන කම්බි වලින් වැසී ගිය කල්හි ඒ උදාවන දෛවය නම් අපට අභිරහසකි. ඝන වනාන්තර කොහිදඒවා නැති වී ගොස්ය. රාජාලියා කොහිදවිනාශ වී ගොස් ය. දඟකාර පෝනියන්ට දඩයමට සමු දිය යුතුව ඇත. මේ සියල්ලම ජීවිතයේ අවසානයයි. අපේ භූමිය මිලදී ගැනීමේ යෝජනාව පිළිබඳව අපි සළකා බලන්නෙමු. අප ඊට කැමති වුවොත් ඔබ අපට ලබාදීමට පොරොන්දු වූ රක්ෂිත භූමියේ අපි ජීවත් වෙන්නෙමු.අන්තිම රතු මිනිසාත් මේ මහපොළොවෙන් සමුගත් කල ඔහුගේ මතකයන් තණබිම් මතින් හමා යන වළාකුළක සෙවණැල්ලක් මෙන් වනු ඇත.මුහුදු වෙරළ සහ වනාන්තර තවදුරටත් මාගේ මිනිස්සුන් පිළිබඳ මතකයන් දරා ගෙන සිටිනු ඇත. ඔවුන් මේ පොළොවට ආදරය කළේ අලුත උපන් දරුවකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතිං අපි අපේ භූමිය ඔබට විකිණුවහොත් අප ආදරය කළාක් මෙන් මේ පොළොවට ඔබත් ආදරය කරන්න.අප එය ආරක්‍ෂා කළා මෙන් ඔබද එය ආරක්‍ෂා කරන්න. ඔබ මේ භූමිය අපගෙන් මිලදී ගන්නා විට එය තිබූ ආකාරය ගැන මතකයේ තබා ගන්න. ඔබේ මුළු හදින්මමුළු ශක්තියෙන්ම ඔබේ දරුවන් වෙනුවෙන් මේ මහ පොළොව ආරක්‍ෂා කර ගන්න. අප හැමෝටම දෙවියන් ආදරය කරන්නාක් මෙන් ඔබ ද එයට ආදරය කරන්න.අපේ දෙවියනුත් ඔබේ දෙවියන්ම වන බව අපි දනිමු. මේ මහපොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැළවිය නොහැක. කෙසේ වුවද අප සියල්ලන්ම සහෝදරයන් නොවන්නමො ද?
චාමර නාකන්දල - Chamara Nakandala
Blog- http://chamaranakandala.blogspot.com/ 
e-mail- chamara.nakandala@gmail.com - chamara.life@yahoo.com
facebook- http://www.facebook.com/#!/chamara.nakandala1?fref=ts

3 comments: